තවත් දුම්රිය ගමන්වාර 30ක් අද සිට ගමන් නොකරයි

අද (16) සිට කෙටි දුර දුම්රිය ගමන්වාර 30ක් අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ප්රධාන මාර්ගයේ දුම්රිය 18ක්, කැළණිවැලි සහ පුත්තලම මාර්ගයේ දුම්රිය 02 බැගින් අවලංගු වනු ඇති.
එමෙන්ම මුහුදුබඩ මාර්ගයේද අද (16) සිට දුම්රිය ගමන්වාර 08ක් අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.
සේවක හිඟය හේතුවෙන් පසුගිය බ්රහස්පතින්දා සිට දෛනිකව දුම්රිය ගමන් වාර 42 බැගින් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට පෙර තීරණය කර තිබූ අතර එය අත්හිටුවනු ලැබුවේ එම තීරණය යලි සමාලෝචනය කළ යුතු බව පවසමින්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් 500කට වැඩි පිරිසක් එකවර විශ්රාම ගැන්වීම හේතුවෙන් දෙපාර්තමේන්තුව තුළ දැඩි සේවක හිඟයක් ඇති වුණා.
ඒ අනුව ඉකුත් සතියේ දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය ගමන්වාර 40කට වැඩි ප්රමාණයක් අවලංගු කර තිබුණා.

