උසස් පෙළ ටියුෂන් පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

උසස් පෙළ ටියුෂන් පන්ති අද මැදියම් රැයේ සිට තහනම්

ලබන 23 වනදා ආරම්භ වීමට නියමිත පසුගිය වසරට අදාළ උසස් පෙළ විභාගය ඉලක්ක කරගනිමින් උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් තහනම් වනවා.

එමෙන්ම අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම ද තහනම් බව යි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ.

ලබන මස 17 වනදා දක්වා මධ්‍යස්ථාන 2,200ක දී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සුදුසුකම් ලබා ඇති අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව තුන්ලක්ෂ තිස් එක්දහස් හත්සිය නමයක්.

ඉන් දෙලක්ෂ හැත්තෑ අටදහස් එකසිය නවදෙනෙකු පාසල් අයදුම්කරුවන් වෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර තවදුරටත් කියා සිටියේ, ප්‍රවේශ පත්‍රවල ගැටලු ඇත්නම් හෙට දිනය දක්වා මාර්ගත ක්‍රමය ඔස්සේ ඒවා නිවැරදි කරගැනීමේ හැකියාව පවතින බවයි.

මේ අතර දැනට තාවකාලිකව වසා දමා ඇති බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ දේශන මාර්ගත ක්‍රමයට ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලය තීරණය කර තිබෙනවා.