උසස් පෙළ කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබා දීමට තීරණයක්

උසස් පෙළ කාලසීමාවේ අඛණ්ඩව විදුලිය ලබා දීමට තීරණයක්

ලබන 23 වැනි දා සිට පෙබරවාරි 17 වැනි දා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ අඛණ්ඩ ව විදුලිය සැපයීමට නම් රුපියල් බිලියන 5ක මුදලක් අවශ්‍ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අදාළ දින 14 තුළ විදුලිය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව යි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියා.