දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් – රෝහල්වල කටයුතුවලටත් බාධා

දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් – රෝහල්වල කටයුතුවලටත් බාධා

රජයේ රෝහල් ආශ්‍රිතව දන්ත වෛද්‍ය උපකරණ හා ඖෂධවල දැඩි හිඟයක් ඇතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් පැවසුවේ, දත් පිරවීම්, ස්නායු පිරවීම්, විකලාංග ප්‍රතිකාර සහ දන්ත සංරක්ෂණය ඇතුළු ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.

එම තත්ත්වය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට දිගු කාලයක් පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර, පවතින ඖෂධ හිඟය හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටී.

COMMENTS