අනුන් කළ වරදකට මට වන්දි ගෙවන්න වෙලා – මෛත්‍රිපාල

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට රු. කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට නියම වූයේ තමා කළ වරදක් නිසා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ඊයේ (17) දින පැවති අවස්ථාවේ ය.
“නඩු තීන්දුව දෙස බලන විට මේ නඩු තීන්දුවේ සඳහන් ප්‍රධාන කරුණක් තමයි… ඒ තීන්දුවෙන් මට කෝටි 10ක මුදලක් ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ. තීන්දුවේ පැහැදිලි ලෙසම තියෙනවා… ජනපතිවරයා විසින් පත්කළ නිලධාරීන් යමිකිසි වරදක් කළොත් ඒ වැරැද්ද සඳහා ජනාධිපතිවරයා වගකිව යුතුයි කියලා.
විශේෂයෙන්ම හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පත්කළේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ඒ පත්වීම අත්සන් කරන්නේ ජනපති. නිලන්ත ජයවර්ධන, සිසිර මෙන්ඩිස් කියන මහත්වරු.. ඒ අය පත්කළේ පොලිස් දෙපාර්තමේන්තුව තුළින්. ඒ අය පත් කළේ මගේ අත්සනකින් නොවේ. හේමසිරි ප්‍රනාන්දු සෘජුවම ජනාධිපතිවරයා විසින් පත්කළ කෙනෙක්. මේ නඩු තීන්දුවේ තියෙන්නේ පැහැදිලිවම.. ජනාධිපතිවරයා විසින් පත්කරන ලද නිලධාරීන් කරන වැරදි නිසා එහි වගකීමක් ජනාධිපතිවරයාටත් එන්නේය.
ඒ අනුව ජනාධිපතිවරයා ද මේකට වගකිව යුතුයි කියලා නඩු තීන්දුවේ තියෙනවා. ඒ අනුව මට කෝටි 10ක් ගෙවන්න සිද්ධවෙලා තියෙන්නේ. ඒ කරුණ නැත්නම් ඇත්තෙන්ම මම මේ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන තත්ත්වයට තමයි මේ නඩුවේ කාරණා තිබෙන්නේ.
මේ රටේ ඉදිරි ජනපතිවරුන්ට, අගමැතිවරුන්ට, අමාත්‍යවරුන්ට මේ නඩු තීන්දුව බලපානවා. තමන් පත්කළ නිලධාරීයෙක් වරදක් කළොත් ඒ ජනපතිවරයා, අගමැතිවරයා හෝ ඒ ඇමතිවරයා මේ මට කියන චෝදනාවලට ලක්වෙනවා.
මානව හිමිකම් ගැන විභාග කරද්දි ශ්‍රේෂ්ඨාධිකරණය සාක්ෂිකරුවන් කැඳවන්නේ නැහැ. දෙපාර්ශ්වයේම පැමිණිලිකරුවන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ නැතිනම් වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතීඥවරු විතරයි පෙනී සිටින්නේ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරනවා.. යම් නීතිමය සංශෝධනයක් කරන්න කියලා. මානව හිමිකම් නඩු සඳහා චෝදනාවට ලක්වන අයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ගිහින් තමන්ට කතා කිරීමට අවස්ථාවක් දෙන නීතියක් හදන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
අනුන් කරපු දෙයක් සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් තමයි මේ කරන සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් කෝටි 10ක් ගෙවන්න මට ආදායමක් නැහැ. ඉතින් මම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ හිතවතුන්ගෙන් ඉල්ලා මුදල් එකතු කරගන්න.” යනුවෙන්

