පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද සිට

පුංචි ඡන්දයේ නාම යෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද (18) ආරම්භ වේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට ඒ සඳහා සියලු උපදෙස් ලබා දී ඇති බවයි.

ලබන 21 වැනි දා දහවල් 12.00 දක්වා නාමයෝජනා භාර ගැනීම සිදු කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.