පුංචි ඡන්දෙන් පස්සේ පළාත් සභා තියනවා

පුංචි ඡන්දෙන් පස්සේ පළාත් සභා තියනවා

මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සඳහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

මෙම පළාත් පාලන මැතිවරණයෙන් පසුව පළාත් සභා මැතිවරණයට පැවැත්වීමටද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා භාරදීමේ අවස්ථාවට එක්වෙමින් අද (20) අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ගණන 19 කි. ඒ සියල්ල සඳහාම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේදී නාම‍ යෝජනා බාර දීම සිදුකෙරිණ.