යෝධ ගෙම්බෙක් හමුවෙයි

යෝධ ගෙම්බෙක් හමුවෙයි

ඔස්ට්‍රෙලියාවේ වැසි වනාන්තරයකින් යෝධ මැඬියෙකු හමු වී තිබෙනවා.

එරට උද්‍යාන පාලක කයිලි ග්‍රේ විසින් මෙම සත්ත්වයාව සොයාගෙන ඇති බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත්තේ.

ඔස්ට්‍රෙලියාවේ පරිසර පද්ධතියට ආක්‍රමණශීලී විශේෂයක් ලෙස “Toadzilla” (ටොඩ්සිලා) නමින් මෙම සත්ත්ව විශේෂය නම්කර තිබෙනවා.

මෙම කැන් මැඬියාගේ බර කිලෝග්‍රෑම් 2.7ක් (රාත්තල් 06) ලෙස වාර්තා වී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා මැඬියාව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

https://bbc.in/3D5OyfB