පේරු වට්ටන අරගලය

පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උද්ඝෝෂකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් ඇති වී තිබෙනවා.
අද දිනයේ ලීමා අගනුවර උද්ඝෝෂණවලට උද්ඝෝෂකයන් 3500ක් පමණ සහභාගී වූ බව සඳහන්.
පේරු ජනාධිපති ඩිනා බොලුආර්ටේට විරෝධතාව පාමින් උද්ඝෝෂකයන් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගෙන තිබෙනවා.
දෙසැම්බර් මාසයේ සිට පේරු රාජ්‍යයේ ඇති වූ ගැටුම්වලින් මේ වන විට පනහකට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙනවා. පේරු හිටපු ජනාධිපති පෙදෙල් කැස්ත්රිලෝ දෙසැම්බර් 7 වනදා ඉවත් කිරීමත් සමඟ මෙම ගැටුම් තත්ත්වය පේරු හි ආරම්භ වුණා.

