කොළඹ නගරාධිපති ධූරයට තරඟ කරන්න පාර්ලිමේන්තු පුටුව අතහැරි මුජුබර්

කොළඹ නගරාධිපති ධූරයට තරඟ කරන්න පාර්ලිමේන්තු පුටුව අතහැරි මුජුබර්

මුජිබුර් රහුමාන් අද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ, කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට සමගි ජන බලවේගය යටතේ තරඟ කිරීම සඳහායි.

මේ අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ, මුජිබර් රහුමාන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායන මහතා වෙත භාර දුන් බවයි.

මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ මුජිබර් රහුමාන් මහතාගේ අසුන හිස්ව ඇති බව ද පාර්ලිමේන්තු මහලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාපතිවරයාට දන්වා තිබේ.