වසර 41කට පසු ජපානයේ උද්ධමනය ඉහළ යයි

වසර 41කට පසු ජපානයේ ඉහළම උද්ධමනය මේ වනවිට වාර්තා වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙර වර්ෂයට සාපේක්ෂව පසුගිය මාසයේ දී එරට උද්ධමන අනුපාතය 4%කින් ඉහළ ගොස් ඇති බවයි.
අවසන් වරට මූලික පාරිභෝගික මිල ගණන් එතරම් ඉහළ ගියේ 1981 දෙසැම්බර් බව එරට අභ්‍යන්තර කටයුතු හා සන්නිවේදන අමාත්‍යාංශය පවසයි.

