නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි ඉල්ලීමක්

නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක් වෙනුවෙන් මෙන්ම ජනතාවට පීඩා නොවන ලෙසත්,මැතිවරණ නීති උල්ලංඝණය නොවන ලෙසත් ක්‍රියා කරන මෙන් තම සංවිධානය සියලුම දේශපාලන පක්ෂ වලින් ඉල්ලා සිටින බව ය.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,සියලු දෙනා මෙම මැතිවරණය සාමකාමීව පවත්වා ගැනීමට සහය දක්වන ලෙසත්.රථ පෙළපාලි මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන ආකාරයේ ක්‍රියාවන්ගෙන් වැළකී සිටීම වැදගත් බව ද අවධාරණය කළේ ය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (21) දහවල් 12.00න් අවසන් වීමට නියමිතය.
මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම ද ඊයේ (20) දහවල් 12.00න් අවසන් විය.

