07කට මරු කැඳවූ 53ක් තුවාල වුණ නානුඔයේ මාරක අනතුර (Photos,Video)

නානුඔය අනතුරේ තුවාලකරුවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.
නුවරඑළිය – නානුඔය ප්‍රදේශයේ ඊයේ (20) රාත්‍රියේ සිදු වූ අනතුරින් තුවාල ලැබූවන්ට සියලු පහසුකම් සළසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් අවශ්‍ය වුවහොත් කොළඹට රැගෙන ඒමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මෙම අනතුරින් පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 53 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
දැනට ලැබෙන තොරතුරු අනුව නුවරඑළිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගෙන් හත්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
මෙම අනතුර සිදුව තිබුණේ අධ්‍යාපන චාරිකාවක් ගොස් යළි කොළඹ බලා පැමිණෙන තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් සහ නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන්. එහිදී ත්‍රිරෝද රථයක්ද අනතුරට ලක්ව තිබූ අතර, බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් තිබුණා.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් හයදෙනෙකු සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකු බවටයි වාර්තා වන්නේ.
මේ අතර කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පතිවරයා සඳහන් කළේ අදාළ අනතුරින් බස් රථයේ ගමන් ගත් සිසුන් කිසිවෙකුටත් බරපතළ තුවාල සිදුව නොමැති බවයි.
අනතුර වර්තාවීමෙන් පසු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඊයේ (20) රාත්‍රියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පැමිණ තිබුණා.
මේ අතර නානුඔය අනතුරෙන් තුවාල ලැබූවන් රැගෙන ඒම සඳහා අවශ්‍ය නම් ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටරයක් සූදානම් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.








