මැතිවරණයට හිතා මතා බාධාවක් ඇති කළොත් අවුරුදු තුනක් හිරේ

මැතිවරණයට හිතා මතා බාධාවක් ඇති කළොත් අවුරුදු තුනක් හිරේ

මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසීය.

මැතිවරණයකට බාධා කරන ඕනෑම නිලධාරියකු හෝ පුද්ගලයෙකු වසර තුනක් හිරේට යැවිය හැකි වරදක් බව පැවසූ මන්ත්‍රීවරයා ඡන්දයට අයවැයෙන් කල්තියා මුදල් වෙන් කර ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර සීනි බදු වංචාවෙන් නැති වූ මුදල් වලින් ඡන්ද දෙකක් කළ හැකි බවත් රටේ මුදල් නැති කළ පිරිස ගෙදර යැවීම සඳහා පළාත් පාලන ඡන්දය අනිවාර්යෙන්ම තැබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

අනුර දිසානායක මහතා මෙසේ පැවසුවේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.