කැළණිතිස්ස වැඩ නවතී

කැළණිතිස්ස වැඩ නවතී

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද (22) අලුයම සිට අක්‍රීය කර තිබෙනවා.

ඒ, විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත් තරම් නැප්තා සංචිත නොමැතිවීම හේතුවෙන්.

ඒ සමඟ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 165 ක ධාරිතාවක් අහිමිව ගොස් තිබෙනවා.

මේ අතර සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අද (22) යළිත් පූර්ණ ධාරිතාවයෙන් යළිත් ජාතික පද්ධතියට එක් කර තිබෙනවා