ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක්

ත්‍රිකුණාමලය මූලික කරගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී වැඩි අවධානය යොමු වූ බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ මෙරට සංචාරයේදී දෙරට අතර දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූලික කර ගත් බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපනය කිරීම පිළිබඳව මෙහිදී වැඩි අවාධනයක් යොමූ වූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසයි
විදේශ කටයුතු අමාත්‍යවරයාට අනුව එම ව්‍යාපෘතියට ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය ඇතුළත් බව ඔහු සඳහන් කළේ ය.
නමුත් මේ පිළිබඳ කිසිදු ගිවිසුම් ගතවීමක් මේ වනතෙක් සිදුකර නොමැති බව අලි සබ්‍රි අවධාරණය කළේ ය.

