රැකියා අහිමිවීමේ අවදානමක්

රැකියා අහිමිවීමේ අවදානමක්

ජර්මනිය තුළ රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බව එරට මුදල් අමාත්‍ය ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පෙන්වා දෙනවා.

ඒ චීනය සමඟ පවතින ආර්ථික සබඳතා සීමා කිරීමේ ප්‍රතිපත්තිය මතයි එවැනි අවදානමක් මතු වී ඇත්තේ.

ජර්මනිය, චීනය සමඟ පුළුල් ආර්ථික සබඳතාවක් පවත්වාගෙන යන අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුළ ඇතිවූයේ සංවාදාත්මක තත්වයක්.

ඒ අනුවයි චීනයෙන් බැහැර වෙනත් රටවල් සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ සැළසුම් පිළිබඳ අවධානය යොමු කළේ.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ආර්ථික ක්‍රමවේදය වෙනස් කිරිමේ මෙම සැළසුම තුළ ජර්මනියේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුවිය හැකි බවයි ජර්මානු මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

https://bit.ly/3XAitoE

COMMENTS