ලෝක කුසලානයේ දී වැරදි සිදු වී ඇත්නම් කඩිනමින් තීරණ ගන්නවා – රොෂාන් රණසිංහ

ලෝක කුසලානයේ දී වැරදි සිදු වී ඇත්නම් කඩිනමින් තීරණ ගන්නවා – රොෂාන් රණසිංහ

ඕස්ට්‍රේලියාවේ දී පැවති 2022 ICC T20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධව සහ ඊට අදාළව මතුවූ විවිධ චෝදනාවන් ද “බෝන් අගේන්” ආගමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වන බලපෑම ද පරික්ෂා කිරීම සඳහා පත් කළ පංච පුද්ගල විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සම්බන්ධයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, අමාත්‍යවරයා පවසන්නේ, ඕස්ට්‍රේලියා වාර්තාව පරික්ෂා කර බලා වැරදි සිදුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගන්නා බවයි.

තවද, එහි නිර්දේශයන් හා නිගමනයන්ට අනුව ඉදිරියේ දී ක්‍රීඩාවේ දියුණුව හා සංවර්ධනය වෙනුවෙනුත්, ක්‍රීඩකයින්ගේ දියුණුව හා අනාගතය වෙනුවෙනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

COMMENTS