විදුලි යතුරුපැදි ලියාපදිංචියට රෙගුලාසි

විදුලි යතුරුපැදි ලියාපදිංචියට රෙගුලාසි

ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, නිශාන්ත අනුරුද්ධ සඳහන් කළේ මේ වන විට එම කමිටුව ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති බවයි.

මෝටර් රථ ප්‍රවාහන පනත සංශෝධනය කර ඇති බවත් ඒ අනුව මෙම විදුලි වාහන ලියාපදිංචිය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.