සරසවි වරම් ලබන විභාගය අදින් ඇරඹෙයි

සරසවි වරම් ලබන විභාගය අදින් ඇරඹෙයි

2022 වසරට අදාළ අධ්‍යයන උසස් පෙළ විභාගය අද (23) දිනයේ දී පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම් කර තිබෙනවා.

ඒ අනුව විභාගය පෙරවරු 8ට විභාග මධ්‍යස්ථාන 2200ක දී පැවැත්වෙනු ඇති.

මෙවර විභාගයේ රචනා ප්‍රශ්න සඳහා අමතර විනාඩි 10ක කාලයක් ද පිරිනැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

අදින් ඇරඹෙන උසස් පෙළ විභාගය සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් 331,709 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.

පෙබරවාරි මස 17 වැනි දින තෙක් මෙවර ව්භාගය පැවැත්වෙනු ඇති අතර, සියලු ම විභාග මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති බවත් ඊයේ දිනයේ දී විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මේ අතර අද දිනයේ සිට අඛණ්ඩව දරුවන්ට නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට පොදු ප්‍රවාහන සේවයට විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇති බව ද ඊයේ දිනයේ දී දැනුම්දුන්නා.

“අද දිනයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලු දෙනාට විභාගයට හොඳින් මුහුණ දීලා බලාපොරොත්තු වෙන ජයග්‍රහණය ලැබෙන්න කියලා “My newslanka” අපි හදවතින්ම පාර්ථනා කරනවා.”

COMMENTS