උසස් පෙළ විභාගය මැද යළි වෙනස් වෙන විදුලි කප්පාදුව

උසස් පෙළ විභාගය මැද යළි වෙනස් වෙන විදුලි කප්පාදුව

හෙට (25) සිට විදුලි කප්පාදුව නැවතත් සංශෝධනය කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කර තිබේ.

ඒ අනුව හෙට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව ඔවුන් පැවසීය.

මේ අතර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ පමණක් විදුලි කප්පාදුව සිදු නොකරන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.

“පස්වරු 4 වන තෙක් විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ සවස් වරුවේ කොටසකුත් රාත්‍රියේ කොටසකුත් පැය 2ක් විදුලිය කපන ලෙස වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා කියලා සඳහන් කළා විශේෂයෙන් උසස් පෙළ දරුවන්ගේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන. 4න් පස්සේ යම්කිසි කැප කිරීමක් අපිට කරන්න වෙනවා. මොක ද කළ හැකි දෙයක් තියෙනවා නම් ඒ හැකි දේ කරන්න කිසි විටකත් පැකිළෙන්නේ නැහැ. ඒ සඳහා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ. අපිටත් තේරෙනවා. මම රටේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය පිළිබඳව තීරණාත්මක පැයක් කියලා අපි දන්නවා. අපි එක් එක් අමාත්‍යංශය විසින් අපට හැකි දේ දරුවන්ගේ යහපතට කරලා තියෙනවා.” යනුවෙන්