බැසිල් ඡන්ද වැඩට බසී

සිය පක්ෂයේ මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට ආශිර්වාද ලබාගැනීම සඳහා බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ,
ප්රශ්නය – අලියා එක්ක එකතුවෙලා ද ?
පිළිතුර – “හැමතැනම නෑ. හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.”
ප්රශ්නය – පොහොට්ටුව ජනප්‍රිය ලකුණක් ජනතාව අතර. ඒත් ජනතාව අතරට යන්න බැරි නිසා ද මෙහෙමෙ කරන්නේ. ?
පිළිතුර – “ගිය පාර මෙච්චර තරග කළේ නෑ. 2018 දී”
ප්රශ්නය – විවිධ උපක්‍රම මැතිවරණය කල්දාන්න යොදනවා කියලා කියනවා ?
පිළිතුර – “ඒක ආණ්ඩුවෙන් අහන්න… මම ආණ්ඩුවේ නෑ.. හුඟාක් අය නාමයෝජනා කල්යයි කියලත් බලාගෙන හිටියානේ.”
ප්රශ්නය – පක්ෂයේ බොහෝ අය ඉවත්වෙලා. ඒක අභියෝගයක් ද?
පිළිතුර – “එහෙම තමා.. ඉන්නවා යනවා. අයින් වෙනවා. ඇතුළු වෙනවා. එහෙම තමා දේශපාලනය. ඒක අභියෝගයක් තමා. ඒත් ඒවට අපි මුහුණදෙන්න එපැයි.”
ප්රශ්නය – මැතිවරණ ප්‍රතිඵලය කොහොම වෙයි ද?
පිළිතුර – “ජනතාව අතේ තියෙන්නේ…”

