ගොවිපොළක වෙඩි තැබීමක් – 7ක් මරුට

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ෆ්රැන්සිස්කෝ නුවර ගොවිපළවල් ආශ්‍රිතව සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.
ලොස් ඇන්ජලීස්හි පුද්ගලයන් 11 දෙනෙකු ඝාතනය කර පැය 48 ක් ගතවීමටත් පෙර මෙම වෙඩි තැබීම වාර්තා වීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ 67 හැවිරිදි ෂාඕ චුන්ලි නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගෙන තිබේ.

