නවසීලන්තයට අලුත් අගමැතිවරයෙක්

නවසීලන්තයට අලුත් අගමැතිවරයෙක්

ක්‍රිස් හිප්කින්ස් නවසීලන්තයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

වෙලින්ටන් අගනුවර පැවති උත්සවයකදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු එලෙස දිවුරුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව 44 හැවිරිදි හිප්කින්ස් එරට 41 වැනි අගමැතිවරයා ලෙස මෙන්ම කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද පත්ව තිබේ.

නවසීලන්තයේ වත්මන් අධ්‍යාපන සහ රාජ්‍ය සේවා අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් අගමැති තනතුර සඳහා ඉදිරිපත් වූයේ තමන් ධුරයෙන් ඉවත්වන බවට අගමැතිනී ජසින්ඩා ආර්ඩ්න් දැනුම්දිමෙන් පසුවය.

https://bit.ly/3JdTsLn