ජර්මනියෙන් යුක්‍රේනයට යුද ටැංකි

ජර්මනියෙන් යුක්‍රේනයට යුද ටැංකි

එක්සත් ජනපදය සහ ජර්මනිය යුක්‍රේනයට යුද ටැංකි යැවීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්‍රේනයට මෙම යුද ටැංකි ලැබීමෙන් පසු යුද පිටියේ වෙනසක් සිදුකිරීමට හැකි වනු ඇතැයි කියෙව් බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අවම වශයෙන් M1 Abrams ටැංකි 30ක් යැවීමට සැලසුම් ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

ජර්මන් චාන්සලර් Olaf Scholz ද අවම වශයෙන් Leopard 2 ටැංකි 14ක් යැවීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම යුක්‍රේන බලධාරීන් පවසා ඇත්තේ මෙවැනි යුද ටැංකි ලැබීමෙන් තම හමුදාවන්ට රුසියානුවන්ගෙන් තම භූමි ප්‍රදේශය ආපසු අත්පත් කර ගැනීමට උපකාරී වනු ඇති බවයි.

https://bbc.in/3XWSg3i

COMMENTS