අපේක්ෂකයෙකුට, ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණයි

පළාත් පාලන ඡන්ද විමසීමේ දී අපේක්ෂකයෙකුට ඡන්දදායකයෙකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 15ක් පමණක් බවට තීරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන තිබුණේ, දේශපාලන පක්ෂ ලේකම්වරුන් සමඟ මැතිවරණ කොමිසම සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවේ දී යි.
මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමඟ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳව සාකච්ඡාවක් ඊයේ එලෙස මැතිවරණ කොමිසමේදී පැවැත්වුණි.

