මුජිබර්ගේ පුටුවට ෆවුසි

මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ඒ. එච්. එම් ෆවුසි මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකිනි.
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගාරාධිපති ධුර අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සඳහා මුජිබර් රහුමාන් පසුගිය දා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
2020 වසරේ පැවති මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ ඒ. එච්. එම් ෆවුසි මහතා ලබා ගත් මනාප සංඛ්‍යාව 48701 කි.

