ගෑස් පිපිරීමක් – 16ක් මරුට

ගෑස් පිපිරීමක් – 16ක් මරුට

පාකිස්ථානයේ බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීමකින් සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 16දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නිවසක ගෑස් කාන්දුවීමකින් මෙම පිපිරීම සිදුව ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය සතිය තුළ ද බලොචිස්තාන් ප්‍රදේශයේ ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදුවු අනතුරුවලින් පුද්ගලයින් මියයාමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබුණි.

https://bit.ly/3H8cW1h

COMMENTS