සීත කාමරවල ඉඳන් හදන සමහර සැලසුම් බිමට ගැළපෙන් නෑ – ඇමති ප්‍රසන්න

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කර ඇති සියලුම නගර සංවර්ධන සැලසුම් යාවත්කාලීන කරන අතර ඒ සඳහා ඒ ඒ නගර ආශ්‍රිත ජනතා අදහස් ද සැලකිල්ලට ගැනීම අනිවාර්යය බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
කතරගම පූජා භූමි සංවර්ධනය සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග සමඟ පැවති විශේෂ සාකච්ඡාවක දී ඔහු මේ බව සඳහන් කළේය. සාකච්ඡාව අද (26) නාගරික සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දි පැවැත්විණි.
එහිදී වැඩි දුරටත් අදහස් අදක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග,
“සමහර නිළධාරින් මේ සැලසුම් හදන්නේ සීත කාමරවල ඉඳන්. ඒ සැලසුම් බිමට ගැළපෙන්නේ නැති අවස්ථා හුඟක් තියෙනවා. මේ නිසා රටේ සංවර්ධන කටයුතු වලින් අපේක්ෂිත අරමුණු ඉෂ්ට වෙන්නේ නෑ. හැබැයි ඒවට බනින්නේ ඒ විෂයභාර ඇමතිවරුන්ට. එහෙම නැත්නම් ආණ්ඩුවට. නිලධාරින්ගේවැඩ නිසා තමයි දේශපාලනඥයන් වන අපිට බැනුම් අහන්න වෙලා තියෙන්නේ.
කතරගම වන්දනා මාන කරන්න එන බැතිමතුන්ට අවශ්‍ය පහසුකම් සලසනවා වගේම ඒ පූජා භූමියේ ගෞරවය රැකෙන පරිදි ඔබතුමන්ලාගේ සැලසුම් සැකසීම වැදගත්.” යනුවෙන් පැවසීය.

