පොහොට්ටුවයි අලියයි පරාදයි, ඩිලාන්ගෙන් අනාවැකියක්

පොහොට්ටුවයි අලියයි පරාදයි, ඩිලාන්ගෙන් අනාවැකියක්

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමේ උත්සාහයක සිටින බවත්, මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය පරාජ වී අවසාන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

ඩිලාන් පෙරේරා මේ බව ප්‍රකාශ කළේ, නිදහස ජනතා සභාව විසින් කැඳවූ මාධ්‍ය හමුවක් අමතමිනි.

“ආණ්ඩුව උත්සාහ කලේ දිගින් දිගටම මැතිවරණය කල් දාන්නයි. දැනුත් මැතිවරණ කොමිෂන් සභාවේ අයට ඉල්ලා අස්වෙන්න ඉඩ හැරලා මැතිවරණය කල් දමා ගන්න උත්සාහ කරනවා. මේක තමා මේ කරන්න හදන්නේ.

එක අනාවැකියක් කියන්න පුළුවන්, පොහොට්ටුවයි අලියයි පරාදයයි. ඒ ගැන තර්කයක් නෑ.එහෙනම් කවුද දිනන්නේ කියලා සිතෙනවා. තිබෙන තත්ත්වය අනුව සභාව හදන්න ගියාම ගැටලු එන්න පුලුවන්. ඒකේදී අපි වඩාත් සාදනීය ව කටයුතු කරනවා.

දැන් අලුත්ම සෙල්ලම තමයි පොහොට්ටුවේ අය ඉල්ලන්නේ ස්වාධීනව. මිනිස්සුන්ට කියන්නේ නෑ ඒක. කරන්නේ වංචාව ජනතාව තේරුන්ගන්න ඕනේ.

අපි කවදාවත් සභාව හදනකොට පොහොට්ටුවට හා අලියට සහය දෙන්නේ නෑ. නිදහස ජනතා පෙරමුණ ලෙස අපි වංචනිකයන් එක්ක එකතු වෙන්නේ නෑ.” යනුවෙන්