විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 108ක අදායමක්

විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 108ක අදායමක්

විදුලිබල මණ්ඩලය නව ගාස්තු අය ක්‍රමය ක්‍රියාත්මක කළ පළමු මාස තුනක කාලයක තුළ රුපියල් බිලියන 108ක පමණ ආදායමක් ලබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මූල්‍ය අර්බුදයක් හේතුවෙන් සහ පාඩු ලැබීම හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි බවට සිදුකරන ප්‍රකාශ පිළිගත නොහැකි බවය.

කොළඹ පැවැති සම්මන්ත්‍රණයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේය.

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව උපදෙස් ලබාදී තිබුණ ද ඊයේ දිනයේ ද සුපුරුදු දෛනික විදුලි කප්පාදුව සිදුකර තිබේ.