මැතිවරණ කොමිසමෙන් අලුත් තීරණයක්

මැතිවරණ කොමිසමෙන් අලුත් තීරණයක්

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල, රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීමට මැතිවරණ කොමිසම තීරණයකර තිබේ.

මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවේ සම්මතවීමත් සමඟ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ට වියදම් කළ හැකි සීමා පිළිබඳව සාකච්ඡාවක දී කොමිසම පසුගියදා තීරණයකර තිබුණේ, එක් ජන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදල, රුපියල් 15ක් ලෙස ප්‍රකාශ කිරීමටයි.