මෛත්‍රී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලයි – මීළඟ ජනපති සටනටත් මෛත්‍රී

මෛත්‍රී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලයි – මීළඟ ජනපති සටනටත් මෛත්‍රී

සිය පාලන සමයේ සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සභාපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද පැවති මාධ්‍ය හමවකදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ , සිය පාලන කාලය තුළ වෙනත් අය සිදු කළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳවත් ප්‍රධාන වශයෙනුත්, පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලා සිටින බවයි.

”කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නෙ නැතුව, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව” යනුවෙන්

මේ අතර මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයගත හැකි බවට විශ්වාස කරන බවය.

“මට මේ මොන වධ දුන්නත් ඉදිරි ජනාධිපතිවරණයේ මම මගේ පක්ෂයේ සහයෝගය අරගෙන මට ඡන්ද කීයක් හම්බ වුණත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් කියන විශ්වාසයක් උඩ මම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා කියන එක බොහෝ ම පැහැදිලිව කියන්න ඕනේ.” යනුවෙන්