ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල ආරක්ෂාව තර කෙරේ

ATM යන්ත්‍ර පවතින ප්‍රදේශවල මුර සංචාර ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ, පසුගිය කාලය පුරා ATM යන්ත්‍ර මංකොල්ලකෑම්වලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ද ගෙන ඇති බවයි.

පසුගිය දා කුරුණෑගල ප්‍රදේශයේදී සැකකරුවෙකු ATM යන්ත්‍රයක තිබූ මුදල් සොරාගෙන ගොස් ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඔහු ATM යන්ත්‍රය අලුත්වැඩියා කරන මුවාවෙන් එහි තිබූ මුදල් ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.