අපි ෆෙඩරල් අරන් තමයි පස්ස බලන්නේ – සී.වී. විග්නේෂ්වරන්

අපි ෆෙඩරල් අරන් තමයි පස්ස බලන්නේ – සී.වී. විග්නේෂ්වරන්

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ප්‍රශ්නවලට ඉන් විසඳුමක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් කියා සිටියේ, ඒකීය රටක් තුළ සෑම විට ම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බවයි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ දේවල් කරන්න බැරි ඇයි ? මම මහ ඇමති හැටියට ඒවා ඔක්කෝම දැක්කා. කොහොම ද මධ්‍යම ආණ්ඩුව අපිව වැඩකරන්න බැරි තත්ත්වයට අරන් ආවේ කියලා. ඒ නිසා ෆෙඩරල් ක්‍රමයක් ගැන අපි අහනවා. නමුත් 13 වන සංශෝධනයෙන් දැනට තියෙන තත්ත්වය ට ඒක සම්පූර්ණයෙන් ඉෂ්ට කරන එක හොඳයි කියලයි මම කියන්නේ. අනිත් ඒවා ඔක්කෝම මම හොඳට බලාගෙන හිටියා ඒවා හොඳයි එයා කරන්න ඉන්න ඒවා. යනකොට මගෙත් එක්ක කතා කරලයි ජනාධිපතිතුමා ගියේ. පාර්ලිමේන්තුව ඇතුළේ එයාට කිව්වා පොරොන්දු භාගයක් විතර ඉෂ්ට කරලා කියලා තමා පේන්නේ කියලා. ඉඳලා බලමු කිව්වා එයා කොයිතරමට ඒක ඉෂ්ට කරනවා ද ? කියලා. මම ඒවා පිළිගන්නවා. එයාගේ කතාව හොඳයි.”

මෙහෙදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන්ගෙන් ප්‍රශ්න කර සිටියා.

ප්‍රශ්නය :- රජය පොරොන්දු වෙලා ඉවර ද 13 දෙනවා කියලා ?

පිළිතුර :- ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච එක ඇත්ත. ඒ පොරොන්දු ඉෂ්ට කරන්න ඉන්නේ කියන එකත් ඇත්ත. ඒත් මැද මොනවා වෙයි ද කියලා අපි දන්නේ නෑ, අද වෙනකල් වෙලා තියන්නේ එහෙම තමා. කොයි ආණ්ඩුවෙන් දෙයක් කරත් විරුද්ධ පක්ෂය ඇවිත් මොනවා හරි කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා 2001 දී චන්ද්‍රිකා මැඩම් ගෙනාව එකට විරුද්ධ වෙලා ව්‍යවස්ථාන ඉරලා ගිනිතිබ්බා පාර්ලිමේන්තුව ඇතුළේ. එක එක්කෙනා ඒකට විරුද්ධව කරනවා අන්තිමේ දී අපිට මුකුත් ලැබෙන්නේ නෑ. නමුත් දැනට දෙනවා කියලා තියෙනවා. අපි ඒක පිළිගන්නවා.”යනුවෙන්.

ප්‍රශ්නය:- ගන්නම තමා බලාපොරොත්තුව ?

පිළිතුර:- ගන්න නෙමෙයි. මේ දෙන්න තියෙන දේවල්.

ප්‍රශ්නය:- රටේ විරෝධයක් තියෙද්දි කොහොම ද ගන්නේ ?

පිළිතුර:- කාගෙන්ද විරෝධය ?

ප්‍රශ්නය:- ස්වාමීන් වහන්සේලාගෙන්

පිළිතුර:- රට පාලනය කරන ඔක්කෝමල්ලා ඒගොල්ලන් ද? නෑ නේ. එක එක්නෙකා එක එක දේවල් කියන්න පුළුවන්. ඊයේ පෙරේදා යාපනයට ඇවිල්ලා 13ට වැඩිපුර කරන්න ඕනේ කියලා තියෙනවා. අපි ෆෙඩරල් ක්‍රමය අරගෙන තමා පස්ස බලන්නේ. යනුවෙන්.