රුසියා, යුක්‍රේන යුද්ධය මැද සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට

රුසියා, යුක්‍රේන යුද්ධය මැද සෙලෙන්ස්කි බ්‍රිතාන්‍යයට

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව යුක්‍රේන ජනාධිපතිවරයා පළමු වරට යුක්‍රේනයෙන් පිටතට ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පළ කරන්නේ, යුක්‍රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් C17 වර්ගයේ ගුවන් යානයකින් උතුරු ලන්ඩනයේ ස්ටෑන්ස් ස්ටෙඩ් ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

සෙලෙන්ස්කි ජනාධිපතිවරයා ධුරයට පත් වීමෙන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ සිදු කරන පළමු නිල සංචාරය මෙය වන අතර මෙම හදිසි කෙටි සංචාරයේ දී බ්‍රිතාන්‍යයේ දෙවැනි චාර්ල්ස් රජු මුණ ගැසීමටත් සැලසුම් කර තිබෙනවා.

එම හමුව ලන්ඩනයේ බකින්හැම් මාලිගයේ දී සිදු කිරීමට නියමිතයි.

එමෙන් ම ඔහුගේ මෙම හදිසි සංචාරයේ දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමටත් නියමිතයි.

මේ අතර සෙලෙන්ස්කි ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් හමු වී තිබෙනවා.

යුක්‍රේනයේ F 16 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා නියමුවන් පුහුණු කිරීමටත් මෙම හමුවේ දී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපතිවරයා වෙත කැමැත්ත පළ කර තිබෙනවා.

https://bit.ly/3YgrzXS