ගල්අඟුරු නැව් වලට ගෙවන්න සල්ලි නෑ – ලංකා ගල්අඟුරු සමාගම

ගල්අඟුරු නැව් වලට ගෙවන්න සල්ලි නෑ – ලංකා ගල්අඟුරු සමාගම

නොරොච්චෝලේ බලාගාරයට රැගෙන එනු ලබන ගල්අඟුරු නෞකා සඳහා මුදල් ගෙවීම අසීරු බව ලංකා ගල්අඟුරු සමාගම පවසයි.

එම සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ, මේ වනවිට දිවයිනට පැමිණි ඇති නෞකාවට ගෙවීමට මුදල් නොමැති බවයි.

තවත් ගල්අඟුරු නෞකාවක් දිවයිනට සේන්දු වීමට නියමිතව තිබේ.

එම නෞකා දෙකටම 30% ක් ලෙස මුදල් ගෙවා තිබුණ ද ඉතිරි මුදල එම නෞකාවල ගල්අඟුරු ගොඩ බෑමට පෙර සිදු කළ යුතු බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

නමුත් එම මුදල් මේ අවස්ථාවේ ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ගල්අඟුරු සමාගමේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.