ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් එළියට

ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් එළියට

දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබේ.

මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර ඇත.

එම වත්කම් අතරින් සියයට 7.5ක ප්‍රමාණයක් සිය සහෝදරයා ඇතුලු ඥාතීන් තිදෙනෙකු වෙත පැවරීමටද සිය අවසන් කැමැත්තේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

කෙසේ වෙතත් ඔහුගේ හිටපු බිරිඳ වෙත සිය දේපළවලින් කිසිවක් පැවරීමට කටයුතු කර නොතිබීමද විශේෂත්වයකි.

මේ අතර ෂේන් වෝන්ට අයත් සියලුම රථවාහන ඔහුගේ පුත්‍රයා වෙත පවරාදීමට කටයුතු කර තිබීම ද තවත් විශේෂත්වයකි.

එසේම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ෂේන් වෝන්ගේ පුද්ගලික ණය සහ සෙසු බැංකු ගිණුම්වල ඇති අතිවිශාල ධනයද බෙදී යන ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් කර ඇති බවය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී තායිලන්තයේ සංචාරයක් අතරතුරදී හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන් දිවි ගමන නිමා කළේය.

https://bit.ly/3llRpuU