පුංචි ඡන්දයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඒ අනුව මෙවර ඡන්ද පත්‍රිකා එක්කෝටි 70,000ක් පමණ මුද්‍රණය කිරීමට අපේක්ෂා කරන බවයි වාර්තා වෙන්නේ.
පළාත් පාලන ආයතන 339කට අදාළව මෙවර ඡන්ද විමසීම එළැඹෙන මාර්තු 09 වැනි දා පැවැත්වීමට නියමිතව ඇති අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සහ කල්මුණේ නගර සභාව සඳහා මෙවර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ නැහැ.
එමෙන් ම, රජයේ මුද්‍රණාලයද සඳහන් කළේ පළාත් පාලන ආයතන 339ට අදාළව ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා තරඟ කරන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමලේඛණ සියල්ල මේ වනවිට ලැබී ඇති බවයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සළකුණු කිරීම එළැඹෙන 22, 23 සහ 24 යන දිනයන්හි දී සිදුකිරීමට නියමිතයි.

