රාජ්‍ය ආයතන කිගිපයකට නොතීසි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මාර්තු මස 09 වැනිදා කැඳවීමට නියමිතයි.
ඒ, කොළඹ මහාධිකරණය ඉදිරියේ අද (09) එම නඩුව කැඳවූ අවස්ථාවේ දීයි.
එහිදී විත්තිය ඉල්ලා සිටි ලේඛන ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින් අධිකරණය රාජ්‍ය ආයතනය කිහිපයකට නොතිසී නිකුත් කළා.
2012 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී සිය ජංගම දුරකථන බිල වන රුපියල් දෙලක්ෂ තිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්දට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබෙනවා.

