අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ප්‍රධානීන්ට වැඩ වරදින ලකුණු

අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ප්‍රධානීන්ට වැඩ වරදින ලකුණු

අල්ලස් හෝ දූෂණ චෝදනා එල්ල වන පළාත් පාලන ආයතන ප්‍රධානින්ගේ තනතුරු අත්හිටුවීමට නව ප්‍රතිපාදන ගෙන ඒමට රජය තීරණය කර තිබේ.

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, ඊට අදාළ ප්‍රතිපාදන කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.

පවතින නීතිය යටතේ අල්ලස් චෝදනා එල්ල වුවද, එය සනාථ වනතෙක් නගරාධිපතිවරුන්ට හා සභාපතිවරුන්ට පළාත් පාලන ආයතනවල සිය ධුර දැරීමට අවකාශ පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.