පුංචි ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල්යයි

පුංචි ඡන්දය කල් දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම කල්යයි

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන 23දා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුළ මතයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දෙමින්, ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර විසින් පසුගියදා ගොනු කළ අදාල පෙත්සමේ පවතින දෝෂ සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ගනු ලැබුවා.

COMMENTS