සැළසුම් කළ පරිදී පුංචි ඡන්දය තියන්න – උසාවියෙන් කොමිෂමට උපදෙස්

සැළසුම් කළ පරිදී පුංචි ඡන්දය තියන්න – උසාවියෙන් කොමිෂමට උපදෙස්

එළඹෙන මාර්තු මස 9 වැනි දින පැවැත්වීමට සැළසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (10) උපදෙස් දෙනු ලැබුවා.

එහි දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ජනතාවගේ අයිතියක් වන, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව යි .