කාන්තා T20 ලෝක කුසලානයේ පළමු සටනෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

කාන්තා T20 ලෝක කුසලානයේ පළමු සටනෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පළමු තරඟයෙන් දකුණු අප්‍රිකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා පිල නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු හතරක් දැවී ලකුණු 129ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට නියමිත පන්දු වාර විස්ස අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 126ක් පමණයි.