විජේදාස රාජපක්ෂ තනතුරකින් ඉල්ලා අස්වෙයි

විජේදාස රාජපක්ෂ තනතුරකින් ඉල්ලා අස්වෙයි

ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ අමාත්‍ය අනු කමිටුවෙන් ඉල්ලා අස්වූ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

කැබිනට් ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඉන් ඉවත්වීමට හේතු ලෙස ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව සඳහන් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නිවැරදි තීරණයකට එළඹීමට හැකිවන පරිදි අදාළ සියලු කරුණු කමිටුවට හෙළි කිරීමට නිලධාරීන් දක්වන මැළිකම සහ රැස්වීම් පිළිබඳ නිසි ආකාරයෙන් තමන් දැනුවත් නොකිරීම එම ඉල්ලා අස්වීමට හේතු වූ බවයි.