ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී පාරිභෝගිකයින්ට පණිවිඩයක්

මෙරට වාහන පාරිභෝගිකයින් අතර වැඩි කතාබහකට ලක් වූ වාහන නිෂ්පාදන සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන ජපානයේ මිට්සුබිෂී සමාගම විසින් විශේෂ නිවේදනයක් ලංකාවේ සිටින පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ මිට්සුබිෂී වාහන බෙදාහැරීම සඳහා වන බලයලත් සමාගම සඳහන් කරන්නේ, තම සේවා කටයුතු සැපයීම් අංශයෙන් මිට්සුබිෂී ශ්‍රී ලංකාවෙන් ඉවත් වුව ද, ජපානයේ මිට්සුබිෂී මෝටර්ස් කෝපරේෂන් සමාගම සමඟ පවතින සබඳතා අවසන් නොවන බවයි.
ඒ අනුව ඉදිරියටත් මිට්සුබිෂී මෝටර් රථ, අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාවන් සුපුරුදු පරිදි සිදු කෙරෙන බවත් යුනයිටඩ් මෝටර්ස් ලංකා පෞද්ගලික සමාගම සිය නිවේදනය මගින් අවධාරණය කරනවා.


