ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි

කැනඩාවේ ඉහළ අහසේදී හඳුනා නොගත් වස්තුවකට වෙඩි තබා තිබෙනවා.
කැනඩා ඉහළ අහසේ හඳුනා නොගත් වස්තුවක් පවතින බවට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ආරක්ෂක බලධාරීන් විසින් දැනුවත් කර ඇති අතර, ඔහුගේ නියෝගයකට අනුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අග්‍රාමාත්‍යවරයා ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සමඟ සංවාදයකට එක්වීත්මන් අනතුරුව එම වස්තුවට වෙඩි තබන ලෙසට උතුරු ඇමරිකානු ගුවන් ආරක්ෂක බලකායට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම බලකායේ ප්‍රහාරක ජෙට් යානාවක් මෙම හඳුනා නොගත් වස්තුවට වෙඩි තබා බිම හෙළා ඇති බව සඳහන්.

