පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000ක් ප්‍රතික්ෂේපයි

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක් ප්‍රතික්ෂේපයි
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව යොමු කළ තැපැල් ඡන්ද අයදුම්පත් 36,000 ක පමණ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මේ බව කියා සිටියා.
එසේම, ඔහු තවදුරටත් කියා සිටියේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම පෙබරවාරි 19 වනදා සිදුකිරීමට නියමිතව ඇති බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් කියා සිටියේ,
“පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මේ වනවිට තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දිනය පෙබරවාරි 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් ඡන්ද සලකුණු කිරීම 22, 23, 24 යන දිනවල දී තම සේවා ස්ථානයේ දී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව තිබෙනවා. යම් දෙයකින් මෙම දින තුනේදී තමන්ගේ ඡන්දය සලකුණු කර ගැනීමට නොහැකි වුණොත් ඔහුට පුළුවන් 28 වනදා තමන්ගේ ආයතනය පිහිටි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරියා ඉදිරියේ තමන්ගේ තැපැල් ඡන්දය සලකුණු කරන්න.
ඒ වගේම තමයි පෙබරවාරි 19 වනදායින් පසුවත් ශ්‍රී ලංකා තැපැත් දෙපාර්තමේන්තුව නිල ඡන්ද දැන්වීම්පත් නිවෙස් වෙත බෙදීමට අවශ්‍ය කටයුතු සිදුකරනවා.”
ප්රශ්නය – අපට දැනගන්න ලැබුණා 36,000කට ආසන්න ප්‍රමාණයක් තැපැල් ඡන්ද අවලංගු වෙලා තියෙනවා කියලා ?
සමන් ශ්‍රී රත්නායක මහතා – “ඔව්. තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාවෙන් 36,000ක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.” යනුවෙන්

