මාර්තු 9 වෙනිදා මේ පිම්ම පැන්නොත් මහ ඡන්දෙ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ

කවුරු කුමන උත්සාහයක් දැරුවත් මැතිවරණය කල් දාන්න, නියමිත පරිදී පැවැත්වීමට අවශ්‍ය වෙන බලපෑම මැදිහත්වීම ජාතික ජන බලවේගය කරන බව එහී නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය කෑගල්ලේදී සංවිධානය කළ ජනහමුවක් අමතමිනි.
එහිදී අනුර කුමාර දිසානායක වැඩි දුරටත් දැක්වූ අදහස්,
“එදා විජයදාස රාජපක්ෂ කිව්වනේ පාර්ලිමේන්තුවේදී කිරිඇල්ලගේ මූණටම කිව්වා ඔයා ඡන්දේ ඉල්ලලා කෑ ගහනවා රෑට කෝල් දීලා එපා කියනවා, දැන් ඒ හැම කෙනාටම ඕන වෙලා තියෙනවා තමන්ගේ ජයග්‍රහණය නොමැති බව පේන නිසා ඡන්දේ කල් දාන්න.
හැබැයි කවුරු මොන උත්සාහය දැරු වත් මේ ඡන්දය නියමිත පරිදී පැවැත්වීමට අවශ්‍ය වෙන බලපෑම මැදිහත්වීම කරනවා.එහේම කරලා ඡන්දය ආවම අදාල වැඩේ මෙතැන ඉන්න අය කරන්න ඕනේ, මාර්තු මාසේ 9වැනිදා මේ පිම්ම පැන්නොත් එළඹෙන මහා ඡන්දේ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ ගලා ගෙන එනවා.” යනුවෙන්

