අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීම මුදල් නොමැතිකම නිසා කළ කැප කිරීමක්

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දැමීම මුදල් නොමැතිකම නිසා කළ කැප කිරීමක්

අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්ම කල් දමන්නැයි රජය ගත් තීන්දුවට හේතුව මුදල් නොමැතිකම හේතුවෙන් කළ කැප කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ප්‍රවාහන සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු ඇපූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහි දී ඔහු පැවසුවේ අදාල තීරණය විෂය භාර අමාත්‍යවරයා තනිව ගත් තීරණයක් නොවන බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“ඇමතිවරයාට හෝ පුද්ගලිකව තීන්දු තීරණ ගන්න බැහැ ආණ්ඩුකරණයේ දී. ශල්‍යකර්මයක් පමා කරනවා කියන්නෙ ගැඹුරින් ගන්න තීරණයක්. එහෙම ගන්න වෙලා තියෙන්නෙ උපකරණ හා ඖෂධ ගන්න මුදල් නැති නිසා.” “මොකක් හරි දෙයකින් කැප කිරීමක් කරනවා හැර වෙන විකල්පයක් නැහැ.”යනුවෙන්.